ඇවන්ට්ගාඩ් සිද්ධියේ 4ක් අත්අඩංගුවට- 4ක් රට පැනලා

Picture of අසංක

අසංක

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අත්අඩංගුවට ගැනීමට උපදෙස් දුන් 8 දෙනාගෙන් 4 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අද අත්අඩංගුවට ගැනුණු ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා, රක්නා ලංකා සමාගමේ හිටපු සභාපතිවරුන් වන වික්ටර් සමරවීර, පියසිරි ප්‍රනාන්දු හා එම සමාගමේ හිටපු විධායක නිලදාරී කරුණාරත්න බණ්ඩාර යන අයයි.

අත්අඩංගුවට ගැනීමට සිටින ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 4 දෙනෙකු මේ වනවිට විදේශගතව ඇතැයි පොලීසිය කියාසිටියි.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු නීතිපතිවරයාගේ උපදෙස් මත සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.