ත්‍රීකුණාමලයේ දාගැබේ සංරක්ෂණ කටයුතු දිසාපති නවතයි – ඇමති මනෝ ගනේෂන් කෝවිලක් තිබූ බව කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

පසුගියදා මත බේදයට ලක්වූ ත්‍රිකුණාමලය කන්නියා උණු දිය ළිං පුරාවිද්‍යා ස්ථානයෙහි පිහිටි අනුරාධපුර යුගයට අයත් දා ගැඛෙහි සංරක්ෂණ කටයුතු තාවකාලිකව නවතා දමන්නැයි ත්‍රිකුණාමලය දිසාපති එන් ඒ ඒ පුෂ්පකුමාර මහතා පැවැසු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පවසයි. කැණීම් කර මතුකර ගැනීමෙන් පසුව 2011 සැප්තැම්බර් නම වනදින අංක 1723 දරණ ගැසට් නිවේදනය මගින් මෙම දා ගැබ උණු දිය ළිං හත හා පිළිමගෙය පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කරනු ලැබිය.

2012  හා 2013 වසර වලදි මෙම දා ගැබ හා පිළිමගෙය කැණීම් කර මතුකර ගෙන තිබු අතර එය අනුරාධපුර යුගයට අයත් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන තිබුණි පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දා ගැබ සංරක්ෂණය කිරිමට පියවර ගත් අවස්ථාවේදී ඇතිවු මතභේදකාරි වාතාවරණයක් මත ඒ සම්බන්ධව සාකච්ඡා කිරිමෙන් පසු දා ගැබ සංරක්ෂණය කිරිමට අදාල පියවර ගන්නා ලෙසට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ත්‍රිකුණාමලය දිසාපතිවරයා අමතා 2019 ජුනි හය වනදා  ලිඛිතව දන්වා තිබියදි මෙම දා ගැබ සංරක්ෂණය කිරිමට අදාල කටයුතු තාවකාලිකව නවතා දැමීමට හා ඒ සම්බන්ධව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා හා සාකච්ඡා කර පියවරක් ගන්නා තුරු තාවකාලිකව සංරක්ෂණ කටයුතු නොකර සිටින ලෙසට දිසාපතිවරයා තමන් වෙත දන්වා ඇති බව ත්‍රිකුණාමලය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක ඩබ්ලියු එච් ඒ සුමනදාස මහතා පැවැසීය

1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනතේ 48 වන වගන්තියට අනුව මෙම ස්ථානය පැරණි ස්මාරකයක් ලෙස සැලකෙන බවත් එසේම පුරාවස්තු ආඥා පනතේ 23 (2) යටතේ මෙවැනි පැරණි ස්මාරකයන් සංරක්ෂණය කිරිමට කිසිවෙකු විසින් අවහිර නොකල යුතු බවත් මෙම ස්ථානය මතු පරපුරට දායාද කිරිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීම වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්්‍ය පී මණ්ඩාවල මහතා ලිඛිතව දිසාපතිවරයාට දන්වා තිබියදිත් දිසාපතිවරයා මෙහි සංරක්ෂණ කටයුතු නැවත්විමට පියවර ගෙන තිබේ.

පසුගියදා අප මේ සම්බන්ධයෙන් පල කල පුවත

මේ සම්බන්ධයෙන් අප සමග වැඩිදුර අදහස් දැක්වූ පුජ්‍ය අලූත් ඔය සද්ධාතිස්ස හිමියෝ මෙසේ පැවසූහ

ත්‍රිකුණාමලය කන්නියා උණු දිය ළිං පුරාවිද්‍යා ස්ථානයේ කැණීම් වලින් මතුවු දා ගැඛෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරන්නැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලිඛිතව දන්වා සිටියදී සංහිදියාව භාර ඇමතිවරයා එතැන කෝවිලක් තිබු බවත් පංසලක් නැතැයි පැවැසීම තුලින් දිස්ත්‍රික්කයේ දෙමල සිංහල ජනයා අතර පවතින සංහිදියාවට හානි වන්නේ යැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ත්‍රෛනිකායික භික්ෂු බළ මණ්ඩලයේ ලේකම් පුජ්‍ය අලූත් ඔය සද්ධාතිස්ස හිමියන් පැවැසුහ

ඛන්නියා දා ගැබ පිහිටි ස්ථානයෙහි විනයාගර් පිල්ලෙයාර් නම් කෝවිලක් තිබු බව පවසන මනෝගනේෂන් ඇමතිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගවේෂණය කර මතුකර ගන්නා ලද පැරණි බෞද්ධ නටඹුන් සංරක්ෂණය කිරිමට බාධා පමුණුවන්නේ නම් එය අනාගත පරපුරට දැක ගැනීමට ඇති අයිතියට බාධා කිරිමක් යැයි පැවැසීය

අනුරාධපුර යුගයට අයත් මෙම දා ගැබ සහිත භූමිය කැණීම් කර මතු කර ගැනීමෙන් පසුව 2011 වසරේ සැප්තැම්බර් නම වනදා අංක 1723 දරණ ගැසට් නිවේදනයෙන් උණු දිය ලිං හත දා ගැබ හා පිළිමගෙය පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කර තිබියදි එහි සංරක්ෂණ කටයුතු සිදු කිරිමට බාධා පැමිණවිමට යම් යම් පිරිස් උත්සහ දරමින් සිටියදි අපගේ නිහඩ බව බෞද්ධයාගේ නිවට කමක් ලෙස නොදැකිය යුතු බවත් සුඩයිකුඩා දා ගැබ කුච්ච්වේලි දා ගැබ කිලිවේඩ්ඩි දෙතිස්ඵල බෝධිය ගෝකණ්න රජමහ වෙහෙර හා සෙම්බිමලේ ආරාම සංකීර්ණය පිහිටි ස්ථාන ආදිය විනාශ කර කෝවිල් ඉදිකර පුරා විද්‍යා ස්ථාන විනාශ කරමින් සිටියදි නිහඩව සිටියා සේ කන්නියා  ගැඛෙහි සංරක්ෂණ කටයුතු පිළිබඳව වගකිව යුතු අය ගන්නා තීරණයේදී බෞද්ධයන්ගේ සිත් රිදවන ආකාරයේ කිසියම් අවැඩක් සිදුවන්නේ නම් තමන් වහන්සේලා තවදුරටත් නිහඩව නොසින බවත් එම නිසා කන්නියා දා ගැබ හා පිළිමගෙය කඩිනමින් සංරක්ෂණය කිරිමට කටයුතු කල යුතු බවත් පවසයි.