ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල නිර්මාණය කර ඇති අතර ඒ්වා ඉදිරියේදි ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතය.
මෙම බලවේග කට්ටල 9ට දුම්රිය මැදිරි 90ක් අයත්වෙයි. මෙම සමාගම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවා ඇති සිව්වැනි දුම්රිය කාණ්ඩයම මෙය වෙයි.පැයට කිලෝමීටර් 120ක වේගයකින් ධාවනය කළ හැකි මෙම දුම්රියන්ට වායු සමනය කළ මැදිරිය අයත්වෙයි. ඒවා නවීන පහසුකම්වලින් සමන්විත බව ෂිංහුවා පුවත් සේවය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ද්‍රතාවයට හා උෂ්ණත්වයට ගැලපෙන පරිදි ඒවාට ඔරොත්තු දෙන අන්දමේ වානේ යොදාගෙම මෙම දුම්රියන් නිපදා තිබේ. මීට පෙර මෙම සමාගම විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දුම්රිය 43ක් නිපදවා ඇති අතර එය ශ්‍රී ලංකාවේ දුම්රිය බල ඇණියෙන් භාගයකට ආසන්න වෙයි.
Bullet trains made by CRRC Sifang for Sri Lanka roll off the assembly line in Qingdao, China pic.twitter.com/0JScjvEGuK
— China Xinhua News (@XHNews) July 13, 2019
.