බලපත් නොමැතිව අලි පැටවකු තබා ගත්තැයි මහේස්ත්‍රාත් ඇතුළු 4කට නඩු

Picture of අසංක

අසංක

නිසි බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් දැනට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුවේ අනෙකුත් විත්තිකරුවන් ලෙආ වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයා වන උපාලි පද්මසිරි එම දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියක වන ප්‍රියන්තා සංජීවනී, අලි පැටියාගෙර් මුල් අයිතිකරු වන චන්ද්‍රරත්න බණ්ඩාර යන අය නම් කර තිබේ.

නිසි බලපත්‍රයක් නොමැතිව සකුරා නමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම ඇතුළු පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි අධි චෝදනා 25ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.