අලුගෝසු තනතුරට අමෙරිකානුවෙකුත් අයදුම් කරලා

Picture of අසංක

අසංක

පුරප්පාඩු වී පවතින වදක තනතුර සඳහා අමෙරිකානු පුරවැසියෙකුගෙන්ද අයදුම්පත්‍රයක් ඉදිරිපත්වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

විද්‍යුත් තැපෑල ඔස්සේ අදාල අමෙරිකානු ජාතිකයා සිය අයදුම්පත්‍රය යොමු කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් වදක තනතුර සදහා අයදුම්පත් කැඳවීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් පමණක් වන අතර වෙනත් රටක පුද්ගලයෙකු එම තනතුර සදහා බදවා ගැනීමක් සිදු නොකරන බව ඔහු පැවසුවේය .

පුරප්පාඩු වී පවතින වදක තනතුර සදහා අයදුම්පත් කැදවීම පසුගිය 11 වනදා ආරම්භ කෙරුණු අතර ඊට අදාලව ප්‍රසිද්ධ දැන්වීම් පල කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණී.

අයදුම්පත් භාරගැනීම ලබන 25 වනදායින් අවසන් වීමට නියමිත වුවද මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකු එම තනතුර ස ඳහා අයදුම් කර නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේය.

පැතුම් වික්‍රමරත්න