ලෝක කුසලානයෙන් පසුව ක‍්‍රිස් ගේල් විශ‍්‍රාම යයි

Picture of අසංක

අසංක

එංගලන්තයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමන් එක්දින ක්‍රිකට් තරග පිටියෙන් විශ්‍රාම ගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් ප්‍රකාශ කර සිටි.

ක්‍රිස් ගේල් ඒ පිළිබදව නිල වශයෙන් තමන් වෙත දැනුම් දෙනු ලැබූ බව ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත.

පුද්ගලික හේතුවක් මත ඉකුත් වසරේදී ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලියෙන් අනතුරුව බටහිර ඉන්දීය කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රිස් ගේල් එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු තරග දෙක සඳහා නම් කරන ලද සංචිතයට මේ වන විට ඇතුලත් කර තිබේ.

පැතුම් වික්‍රමරත්න