යාපනයට ස්මාර්ට් නගරයක්

Picture of අසංක

අසංක

යාපනය නගරය තුළ රුපියල් කෝටි 50ක වියදමින් ස්මාර්ට් නගරයක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබේ.

මෙම ස්මාර්ට් නගරය යාපනය චෙම්මනි ප‍්‍රදේශයේ ඉදිරිකිරීමට නියමිතව ඇත.

මේ වනවිට යාපනය මහනගරය සභාවේ අනුමැතිය ද ඊට ලැබී තිබේ.

මෙම ස්මාර්ට් නගරය ඉදිකිරීම සදහා චෙම්මනි ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 293ක් ලබාගැනීමට ද නියමිත බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් දා යාපනයට පැමිණි අවස්ථාවේදී අනාවරණය කළේය.

මෙම ස්මාර්ට් නගරයතුළ පාසල් සෞඛ්‍ය මධ්‍යෂ්ථාන, සංස්කෘතික මධ්‍යස්ථාන ඇතුළු පහසුකම් රැසක් ද සුපිරි මාර්ග පද්ධතියක් ද ඉදිකිරීමට නියමිත බව රජය සදහන් කරයි.

මෙම ස්මාර්ට් නගරයේ ආකෘතියක් එම ව්‍යාපෘතිය පිළිබද නිලධාරියකු අගමැතිවරයා ඇතුළු පිරිසට ද නිරීක්ෂණය සදහා පෙන්වා තිබේ.

ඉෂාර ත්නකාර