කොල්ලුපිටියට සුවිසල් මෝටර් රථ අංගනයක්

Picture of අසංක

අසංක


තට්ටු හයකින් යුත් සුවිසල් මෝටර් රථ අංගනයක් කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට පෞද්ගලික සමාගමක් ඉදිරිපත්වී ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන Lee Hedges PLC සමාගම මෙම නවතම ව්‍යාපෘතියකට මුල පුරා ඇත.

මෙම රථවාහන අංගනය කොළඹ 03, ගාලු පාරේ, අංක 353 දරණ ස්ථානයේ ඉදි කිරීමට කටයුතු යොදා ඇත.

මෝටර් රථ 186 ක් නැවැත්වීමට ඉඩපහසුකම් සපයනු ලබන මෙම මෝටර් රථ අංගනය සඳහා රුපියල් බිලියන 1.1 ක ආයෝජනයක් කරනු ලබන බව අදාළ සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.

පැතුම් වික්‍රමරත්න