නීතිඥ සංගම‌යේ සභාපති ධුරය ජනපති නීතිඥ කාලිංගට

Picture of අසංක

අසංක

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා වැඩි ඡන්දයෙන් අද තේරී පත්විය.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ 2019/20 වසර සදහා නව සභාපතිවරයකු සහ ලේකම්වරයකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වන නිලවරණය දිවයින පුරා පිහිටි ඡුන්ද මධ්‍යස්ථාන 83කදී අද පෙරවරු 8 සිට 5 දක්වා පැවැත්විණි.

ඒ අනුව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට තරග කළ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඡන්ද 4702ක් ලබාගත්තේ ය.

ඔහුගේ ප‍්‍රතිවාදියා වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ මහතා ඡන්ද 1346ක් ලබාගත්තේ ය.

ලේකම් ධුරය සදහා තරගවැදුණු නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඡන්ද 5061ක් ලබාගෙන ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම්වරයා ලෙස පත්වී තිබේ.

ඔහුගේ ප‍්‍රතිවාදියා වූ සමන් වැලිඅංග මහතා ලබාගත්තේ ඡන්ද 898ක් පමණි.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙවර නිලවරණයේ ප‍්‍රධාන තේරීම්භාර නිලධාරිවරයා ලෙස සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කටයුතු කළ අතර කොළඹින් පිටස්තර ඡන්ද මධ්‍යස්ථාන 82හි තේරීම් භාර නිලධාරීන් වශයෙන් ඒ ඒ පළාත්වල දිසා විනිසුරුවරුවරුන් කටයුතු කරනු ලැබීය.

ඉෂාර රත්නකාර