වත්මන් ආණ්ඩුවේ හොරු අල්ලන්න ජනපති කොමිසම පොලිස් කණ්ඩායමක් ඉල්ලයි

Picture of අසංක

අසංක

වත්මන් යහපාලන රජයේ පාලන කාලය තුල, රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ මූලික විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අනියුක්ත කරන්න ලෙස එම කොමිසම පොලිස්පතිවරයා වෙත දැනුම්දී ඇත.

විශේෂයෙන්ම වංචා විමර්ශනය සඳහා විශේෂ දක්ෂතා සහිත පොලිස් දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් මේ සඳහා අනියුක්ත කරන්න ලෙසද පොලිස්පතිවරයාට දැනුම් දුන් බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අදාළ කණ්ඩායම සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ පත් කළ යුතු වනු ඇතිබවද ප්‍රකාශකවරයා පැවසීය .

මේ අතර ජනවාරි 29 වැනි දා සිට මේ දක්වා කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 101 ක් වේ.

පැතුම් වික්‍රමරත්න