මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ සාකච්ඡා ඇරඹෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාලදිවයිනෙන් නැවත මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් කඩිනමින් යලි ගෙන්වාගැනීම

සඳහා එරට බලධාරීන් සමග විශේෂ සාකච්ජා වටයක් ආරම්භ කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී .

මේ වනවිට එරට තුල ශ්‍රී ලාංකිකයින් 7000 ක් පමණ වෙසෙන අතර ඔවුන්ගෙන් බහුතරයක් යලි මෙරටට පැමිණීමට

අපේක්‍ෂාවෙන් සිටින බවද විදේශ සබදතා අමාත්‍යංශයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පැවසීය .

මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට පිටත්වීමට පෙර ගෙවීම් සිදුකිරීමේ පදනම මත පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට

පහසුකම් සැලසීම සඳහා මාලදිවයින බලධාරීන් කැමැත්ත පළකොට තිබෙන බව ද එම අමාත්‍යාංශය කියා සිටී.

මෙරටට නැවත පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටත්වීමට පෙර ගෙවීම් සිදුකිරීමේ පදනම මත පී.සී.ආර්.

පරීක්ෂණ සිදුකිරීමට පහසුකම් සැලසීම සඳහා මාලදිවයින බලධාරීන් කැමැත්ත පළකොට තිබෙන බව ද අමාත්‍යාංශය සඳහන් කර සිටී

මෙරටට පැමිණෙන තෙක්එම පිරිසට අවශ්‍ය හදිසි වෛද්‍ය පහසුකම් සඳහාද අවශ්‍ය සහය ලබාදීමට

ශ්‍රී ලංකා රජය කටයුතු යොදා ඇති බවත් අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය .