ෂාහිඩ් අෆ්රිඩිට කොරෝනා

Picture of අසංක

අසංක

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ෂාහිඩ් අෆ්රිඩි COVID-19 මාරාන්තික වෛරසය ආසාදනය වූ පළමු ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව තිබේ.

“බ්‍රහස්පතින්දා සිට මට අසනීප ගතියක් දැනුණා. මගේ ශරීරයේ දරුණු ලෙස වේදනාවක් ආවා. මාව පරීක්ෂාවට ලක් කළා. අවාසනාවකට මම කොවිඩ්-19 ආසාදිතයි. ඉන්ෂා අල්ලාහ් ඉක්මන් සුවය ලබා ගැනීම සඳහා යාඥා කරනවා” යැයි අෆ්රිඩි පවසයි.

අෆ්රිඩි 1998 සිට 2018 දක්වා කාලය තුළ පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ටෙස්ට් තරග 27 ක්, එක්දින තරග 398 ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 99 කට සහභාගී විය.