මහජන ආරක්ෂක කමිටු බලගැන්වීමේ කොළඹ දිස්ත්‍රික්‌ සම්මේලනය ලබන 7 වැනිදා

Picture of අසංක

අසංක

ප්‍රජා පොලිස්‌ සංකල්පය පාදක කර ගත්‌ යාන්ත්‍රණය තුළ ප්‍රජාවගේ භූමිකාව නිර්මාණය වන මහජන ආරක්ෂක කමිටු
බලගැන්වීම හා සභාපතිවරු දැනුවත් කිරීමේ කොළඹ දිස්ත්‍රික්‌ සම්මේලනය ලබන (07) වන දා පෙරවරු 09.30 ට මහරගම යොවුන්‌ රගහලේදි පැවැත්වේ.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද්‌ අද්මිරාල්‌ (විශ්‍රාමික) ආචාර්ය සරත්‌ වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්‌ පැවැත්වෙන මෙම අවස්ථාව සදහා කොළඹ දිස්ත්‍රික්කයට අයත්‌ මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන්‌ 666 දෙනෙකු ඇතුළු ආරාධිතයින්‌ රැසක්‌ සහභාගී වීමට නියමිතව ඇත.

‘සෞභාග්‍යමත්‌ රටක ඵලදායි පුරවැසියෙක්‌, සතුටින්‌ ජීවන්වෙන පවුලක්‌, චිනය ගරුක සමාජයක්‌ ‘ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව බියෙන්‌ සැකෙන්‌ තොර සමාජයක්‌ උදෙසා මෙය ක්‍රියාත්මක ය.