ප්‍රබෝධා හෙට්ටිආරච්චි
එංගලන්තයේ ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපලට ගිය ශ්‍රී ලාංකිකයන් සිව්දෙනකු එරට දී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මෙට්‍රොපොලිටන් ත්‍රස්ත විරෝධී ඒකකයේ රහස් පරීක්ෂකයන් විසිනි.
ලාංකිකයන් සිව්දෙනා එහි ගොස් ඇත්තේ පසුගිය බදාදා (10) යි.
මේ වනවිට එරට බෙඩ්ෆොඩ්ෂයර් පොලිස් ස්ථානයේ රදවා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය පවසයි.
2000 වසරේදී ත්‍රස්ත විරෝධී පනතේ 11 වැනි වගන්තිය යටතේ තහනම් කෙරුණු ත්‍රස්ත සංවිධානයකට සාමාජිකත්වය දැරූ බවට සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණ.
එහෙත් පසුදින මොවුන් තවදුරටත් රදවා තබාගැනීමට හේතුවී ඇත්තේ 2000 ත්‍රස්ත විරෝධී පනතේ 7 වැනි වගන්තිය යටතේ යි.
1984 පොලිස් හා අපරාධ සාක්ෂි පනත යටතේ ද මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවත් තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින බවත් ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය සදහන් කරයි.
