සජිත්ට කොරෝනා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තමන්ට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටි.

ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා කියා සිටින්නේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඊයේ දිනයේදී සිය බිරිඳ රෝහල් ගත කොට සිදුකළ PCR පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතව ඇති බවට හඳුනා ගත් බවය.

පසුව තමාට සිදුකළ PCR පරීක්ෂණයෙන් අනතුරුව වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත .

අදාළ ට්විටර් පණිවිඩය පහත දැක්වේ ..