කොළඹ 7000ක් දෙනා දෛනිකව එන්නත් කිරීමේ සැලසුමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන සතියේ සිට කොළඹ මහනගර සභාවට අයත් ප්‍රදේශවල පුද්ගලයින් 7000 කට  දෛනිකව කොරෝනා මර්දන එන්නත් ලබා දීමට සැලසුම් කර ඇති බව එම නගර සභාවේ සෞඛ්‍ය අංශය  සඳහන් කර සිටී .

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, වනවිට එන්නත් 167,397 ක් කොළඹ නගරයේ ජනතාවට ලබා දී ඇති බවය.

ලබන මාසය අවසන් වනවිට කොළඹ නගරයේ ජනතාවගෙන් වයස අවුරුදු 30ට වැඩි සියලුදෙනාට එන්නත් ලබා දීමට පියවර ගන්නා බව ද වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේය.