ජල සම්පාදන සභාපතිගේ දැවැන්ත මූල්‍ය වංචා ගැන ජනපති කොමිසමට පැමිණිල්ලක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය 2015-2018 කාලසීමාව තුළ විවිධ ව්‍යාපෘති හරහා රුපියල් කෝටි 800ක පමණ මූල්‍ය වංචාවක් කර ඇති බවට එම මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

තවද මෙම සභාපතිවරයා විසින් ජල සම්පාදන මණ්ඩලයේ සභාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවකගේ නමට දැනට මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුද වන වෙ‍ලේ සුදාගේ සුපිරි නිවසක්ද මිලදීගෙන ඇති බවත් එම කාන්තාවගේ පවු‍ලේ අයගේ ගිණුම් හරහා චෙක්පත්ද මාරුකර ඇති බවත් අදාළ පැමිණිල්‍ලේ සඳහන් වේ.

ජල සම්පාදන මණ්ඩලයේ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 2450ක අතිරේක ඇස්තමේන්තු සකසා එම ව්‍යාපෘතිවලට ඔහුගේ සහෝදරයා යොදවා මහජන මුදල් වංචාකර ඇති බවද සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති එම පැමිණිල්ලේ සඳහන් වේ.