ප්‍රහාර පිටුපස ඇති කුමන්ත්‍රණය සෙවීමට ජනපති උපදෙස්

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

කොළඹ සහ මඩකළපුව සිදුවූ පිපිරීම් පිටුපස ඇත්තේ කුමන ආකාරයේ කුමන්ත්‍රණයක් ද යන්න සෙවීම සදහා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය.

‘සිදුවී ඇති මහා බරපතළ ඛේදවාචකය සම්බන්ධයෙන් මම දැඩි සේ කම්පාවට පත්ව සිටිමි. කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීමක්. සිදුවීම පිළිබද මා ලක්වාසී ජනතාව දැඩි සේ වේදනාවට හා කම්පනයට පත්ව සිටින අවස්ථාවක් බව දනිමි. මෙම පරීක්ෂණය සදහා රටේ ජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

මෙහි පරීක්ෂණ සිදුකිරීම සදහා රජයට අවශ්‍ය සහය ලබාදෙන ලෙසත් අසත්‍ය පුවත් කටකතා පැතිරවීමෙන් වළකින ලෙසත් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.’ යැයි ද ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය.