හෙට (23) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
හෙට (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.


ඊයේ දිනයේදී බෝම්බ පිපිරීමවලින් මියගිය දෙස් විදෙස් ජනතාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.


මේ අනුව සියලුම රාජ්‍ය ආයතනවල හෙට දිනයේදී ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස රජය දන්වා සිටියි.


එමෙන්ම හෙට පෙරවරු 8.30 සිට 8.33 දක්වා මිනිත්තු 3ක් කාලයක් මියගිය ජනතාව අනුස්මරණය කිරීම වෙනුවෙන් නිශ්ශබ්දතාවක් පවත්වන ලෙසද රජය ඉල්ලා සිටියි.