කොට‌ෙහේන පිපිරුම: ගෑස් ටැංකියක අටවා තිබූ ‌බෝම්බය නිෂ්ක්‍රිය අංශ පුපුරවලා

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

කොටහේන ප්‍රදේශයේ දී අද පස්වරුවේ ඇතිවූ පිපිරීම, වාහනයක තිබූ ගෑස් ටැංකියක ඇටවූ ‌බෝම්බයක් ‌බෝම්බ නිෂ්ක්‍රිය අංශ විසින් පුපුරුවා හැරීමක් බවට තහවුරු ‌වෙයි.

ඊයේ පිපිරීම වූ දේවස්ථානය ආසන්නයේ ඊයේ සිට නවතා තිබූ හිමිකරුවකු නොමැති වාහනය පිළිබඳ ‌දේවස්ථානයේ පූජකවරයා හා ගම්වාසීන් විසින් සැළකිළිමත් වී ‌සොයාබලා ආරක්ෂක අංශ ‌වෙත දැන්වීමෙන් පසුව පරීක්ෂණ පවත්වා ඇත.

එම වාහනය ඊයේ බෝම්බ පිපිරවීම සඳහා පැමිණි පුද්ගලයා පැමිණි වාහනය බවට සීසීටීවී දර්ශන ඔස්සේ පෙනී ගොස් තිබේ.

එය වැඩිදුර පරීක්ෂාවකට ලක්කිරී‌‌මේදී ගෑස් ටැංකියක අටවා තිබූ බැවින් මතුවු අවදානම් තත්ත්වය හේතුවෙන් බෝම්බ නිෂ්ක්‍රීය අංශ විසින් ඒය පුපුරුවා හැර තිබේ.