හෙරොයින් කිලෝ 275 ආවේ පකිස්තානු නැවකින්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

ජාත්‍යන්තර මුහුද ආසන්නයේදී හෙරොයින් කිලෝ 275ක් සමග අත්අඩංගුවටගත් ට්‍රෝලර් යාත්‍රාවට එම හෙරොයින් තොගය ලැබී ඇත්තේ  පකිස්තානු නැවකින් බවට මුලික විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

ඊශාන දිග ජාත්‍යන්තර මුහුදු තීරය සමීපයේ විශේෂ මෙහෙයුමක නිරතවු නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය අද උදෑසන මෙම හෙරොයින් තොගය සහිත බහුදින ධීවර යාත්‍රාව සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් වනාතවිල්ලුව ඇතුලු වයඹ පළාතේ පදිංකරුවන් බවට හදුනාගෙන තිබේ.  බෝම්බ ප්‍රහාර මාලාවකින් රටේ ආරක්ෂාව පිළිබද අවධානය වෙනතකට යොමුවී තිබියදී මෙම ජවාරම සැලසුම් කරන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක පහළ කරයි.

සැකකරුවන් සහ හෙරොයින්  සහිත ට්‍රොලර් යාත්‍රාව හෙට දිනයේදී රංගල පිහිටි  නාවික හමුදා බටහිර විධානයට ගෙන ඒමට නියමිතය.