දම්පත් රණසිංහ
සැලසුම්ගත ප්‍රහාරය පිළිබ්‍රද රාජ්‍ය බුද්ධි අංශය විසින් ලබාදුන් බුද්ධි තොරතුර ඇතුළත් වාර්තාව පොලිස්පතිවරයා විසින් දැනුවත් කර ඇත්තේ පොලිස් ප්‍රධානීන් 3 දෙනකුට පමණක් බවට අනාවරණය වී තිබේ.
පොලිස්පතිවරයා විසින් එම තොරතුර පිළිබද දැනුවත් කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානියා, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා ප්‍රභූ ආරක්ෂක කොට්ටාශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පමණි.
ඉන් විශේෂ කාර්ය බළකා ප්‍රධානියා විදේශගතවී සිටීම නිසා ඔහු වෙත යවන ලද මෙම ලිපිය මේ වනතෙක් විවෘත කර හෝ නොමැති බවට ද අනාවරණය වී ඇත.
රට පුරා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 50 කට අධික සංඛ්‍යාවක් සිටියද මේ පිළිබද පොලිස්පතිවරයා විසින් 3 දෙනකුට පමණක් දැන්වීම පිළිබද මතුව ඇත්තේ ප්‍රශ්නකාරී තත්වයකි.
පිපිරුම සිදුවන තෙක් එම කිසිදු නියෝජ්‍ය පොලිස්පතිවරයකු මේ පිළිබද දැනුවත් වී නොසිටීම බරපතළ ගැටලුවක් වී තිබේ.