ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදය !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය , කලින් සැලසුම් කල ඉලක්කයන්ද අභිබවා යමින්,  මේ වනවිට ඉතාමත් සාර්ථක ලෙස ඉදිරියට යමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී .

විශේෂයෙන්ම සැප්තැම්බර මාසය තුල රටේ  ජනගහනයෙන් 10% ක් සම්පූර්ණ ලෙස එන්නත් කිරීම සඳහා සකසා තිබු ඉලක්කයද ශ්‍රී ලංකාව මේ වනවිට සාර්ථකව අභිබවා යමින් සිටින බවත්ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂජනරාල් ටෙඩ්රෝස් අදනම් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත

මෙසේ මෙරට එන්නත්කරන ක්‍රියාවලිය නිවැරදි මාවතකට ගැනීම සම්භන්ධව ශ්‍රී ලංකා රජයට මෙන්ම ජනතාවටත් ස්තූතිවන්ත වන බවත් අදනම් මහතා තම ට්විටර් පණිවුඩයේ දක්වා ඇත .

කොවිඩ් වෛරස ව්‍යාප්තියට එරෙහිව ශ්‍රී ලංකා රජය දිගින් දිගටම ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙනයාමට හැකි වනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් මෙම පණිවුඩයේ සඳහන් වේ.

මෙරට දෛනික එන්නත්කරණය ලක්‍ෂ පහේ සීමාව ඉක්මවා යාම ගැනද ලෝක සෞඛ්‍ය සංවිධානය තම ප්‍රසාදය පළකර ඇත