ඕන වුණොත් කොවිඩ් තුන්වැනි මාත්‍රාවකුත්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් -19 වෛරසයෙන් ගැලවීම උදෙසා ලොව බොහෝ රටවල් තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට පියවර ගනිමින් සිටින බැවින් අවශ්‍යතාවක් ඇතිවුවහොත් ශ්‍රී ලංකාව ද ඊට සූදානම් වෙමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ් ඊයේ (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී  මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.

“මෙවැනි වෛරස් බොහොමයකට වාර්ෂිකව එන්නත් කිරීම මේ දක්වා කරගෙන ගිය සාමාන්‍ය ක්‍රමවේදය. ඒ නිසා මේ අලුත් වෛරසයටත් එවැනි එන්නත් කිරීමක් විද්‍යානුකූලව සලකලා බැලුවොත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. ලැබිලා තිබෙන තොරතුරු අනුව බොහෝ රටවල් තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම හෝ වාර්ෂිකව අමතර මාත්‍රාවක් ලබාදීම සලකලා බලනවා. ලංකාවෙත් ඒ තත්ත්වය ඒ ආකාරයෙන්ම තමයි. ලැබෙන දත්ත අනුව ඉදිරියේදී ඒ කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇති වුණොත් ඒකට සූදානම්වීම වැදගත් වෙනවා.”