දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගෑස් හිගයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

වෙළෙඳපොළ තුළ මේ වන විට ලාෆ් ගෑස් හිඟයක් මෙන්ම  ලිට්‍රෝ ගෑස් හිඟයක් ද ඇතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව මේ දිනවල දැඩි අසීරුතාවට පත්ව සිටින බව වාර්තාවේ

කෙසේ වෙතත් මේ පිළිබඳව ලිට්රෝ  ගෑස් සමාගම  මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ , ප්‍රමාණවත් තරම් ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කළද ගෑස් හිඟයක් ඇතිවේ යැයි සිතා ජනතාව වැඩි වශයෙන් ගෑස් මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා යම් තදබදයක් වෙළෙඳපොළ තුළ නිර්මාණය වී ඇති බවය.

රටට අවශ්‍ය ගෑස් සංචිත සිය සමාගම සතු බැවින්  වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවද එම සමාගම පවසයි

සමාගම එසේ  පැවසුවද මේ වන විට වෙළෙඳපොළ තුළ ලිට්‍රෝ ගෑස් හිඟයක්ද ඇති වී ඇති අතර දිවයීන පුරා ප්‍රදේශ රැසක ලිට්රෝ හා ලාෆ් ගෑස් හිඟයක් දක්නට ලැබිණ .