හමුදාව එන්නත්කරණය  කිරිම ගැන රනිල් බරපත විවේචනය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා හමුදා සහය ලබා ගැනීම පිළිබඳව බරපතල විවේචනයක් සිදුකරන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද  තම එන්නත් මාත්‍රාව ලබාගත්තේ  නාරාහේන්පිට යුද හමුදා මූලික රෝහලෙන් බව   කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටී

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර වෙනුවෙන් කොප්පරා පූජාව සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව  පැවැසීය.

යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අංශ හා සම්බන්ධව දිවයින පුරා සිදුකරනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධව මෙරට ජනතාව දැඩි ප්‍රසාදයකින් සිටින බවත්   එක් පුද්ගලයකු පමණක් එය විවේචනයට ලක් කිරීම පිළිගත නොහැකි බවත් යුධ  හමුදාපතිවරයා මෙහිදී  සදහන් කළේය.

කාර්‍ය සාධක බලකායේ ප්‍රධානියා  ජනාධිපතිවරයා වන  බවත් සෞඛ්‍ය ඇමතිවරියන් දෙදෙනා හා අමාත්‍යවරයා ද එහි සිටින අතර ඇමතිවරුන්ද  ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ත්‍රිවිද හමුදාපතිවරුන්  පොලිස්පතිවරයා හා විශේශඥ වෛද්‍යවරුන්ද එම බලකායට ඇතුළත් බවත් හමුදාපතිවරයා පැවසීය .