සංකූලතා නැති අවධානම් නොවන කොවිඩ් රෝගීන්ට නිවෙස් තුලම ප්‍රතිකාර

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

සංකූලතා නොමැති අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරිම ඊයේ  සිට ආරම්භ කෙරිණ

ඒ අනුව අවුරුදු 2 ත් 65 ත් අතර සංකූලතා නොමැති රෝග ලක්‍ෂ පෙන්වන හෝ සුළු රෝග ලක්‍ෂණ පෙන්වන කොරෝනා ආසාදිතයින්ට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිවෙස් තුළදී ප්‍රතිකාර කෙරෙනු ඇත

ඒ සදහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්‍ෂණික දුරකතන අංකයක්ද හදුන්වා දී තිබෙ.

1390 අංකය ඇමතීමෙන් ඒ සදහා අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අතර ඒ හරහා රෝගීන් කළමණාකරණය කෙරෙනු ඇත.

දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාම සහ රෝහල් ධාරිතාව ඉක්මයාම පාලනය කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන් විසින් මෙම තීරණය ගෙන තිබෙ.