සැප්තැම්බර් පළමු සතියේ පාසල් ආරම්භ කිරිම අවිනිශ්චිතයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සැප්තැම්බර් පළමු සතියේ පාසල් ආරම්භ කිරිම අවිනිශ්චිත බව අධ්‍යාපන ආමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර සිටී . අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ කොළඹදී  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඒ අනුව මීට පෙර සැලැස්ම වූයේ, මෙම මස තුළ සියලු ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු දෙනාට එන්නත් මාත්‍රා 2ම ලබා දී ක්‍රමයෙන් පාසල් ආරම්භ කිරීම බවත්, නමුත් පවතින තත්ත්වය මත එය සිදු කළ නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ, මේ නිසා මාර්ගගත අධ්‍යාපනය ඉතා වැදගත් බවය.