බ්‍ර්තාන්‍යයේ ත්‍රස්ත මර්දන කණඩායමකුත් එයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට සහය දීම සඳහා ත්‍රස්ත මර්දනය පිළිබඳ බ්‍රිතාන්‍ය විශේෂඥයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

විශේෂඥයින් පිරිස එළඹෙන සතිය තුල ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් මහතා ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව පිපිරීමවලින් බලපෑමට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතිකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මේ වන විටත් එරට විශේෂ නිලධාරී කණ්ඩායමක් දිවයිනට එවා ඇතැයි ද බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා සඳහන් කළේ ය.