තව්හීඩ් ජමාත් සංවිධානයේ ලොකුම ඉලක්කය ගැන හෙළිදරව්වක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික ටව්හීඩ් ජමාට් සංවිධානය , තමිල්නාඩුවේ හා කේරලයේ තවත් සංවිධාන කිහිපයක් සමග එක්ව දකුණු ආසියානු කලාපය තුල වෙනම ඉස්ලාම් සන්ධීය රාජ්‍යයක් ගොඩනැගීමට සැලසුම් කර ඇති බව ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

මෙම සංවිධාන වසර කිහිපයක සිට එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගනිමින් , මෙම සැලසුම් සකස් කර ඇති බවටද ඉන්දීය මධ්‍යම හා ජාතික විමර්ශන ඒජන්සි වෙත තොරතුරු වාර්තාවී ඇති බව එරට මාධ්‍ය සඳහන් කර සිටී.

මෙම සංවිධාන isis සංවිධානයේ මතවාදයන් අනුගමනය කරමින් ක්‍රියාත්මක බවත් , බංගලිදේශයේ අන්තවාදී කණ්ඩායම් කිහිපයක්ද මෙම සැලසුම් සැකසීම සඳහා සහය ලබාදී ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ සඳහන් කර ඇත.

එසේම පසුගිය වසරේදී කේරලයේ හා තමිල්නාඩුවේ මුස්ලිම් තරුණයින් රැසක් isis සංවිධානය හා එක්වී ඇති බවත් ඔවුන්ගෙන් පිරිසක් එසේ එක්වීමට පෙර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ආගමික ආන්තවාදී පුහුණු සැසි වලට සහභාගිවී ඇති බවටද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සි ආයතනය අනාවරණය කරගෙන ඇත.