දැන් වත් රටක් ලෙස හිතමු – හිටපු බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

ත්‍රස්තවාදය නිසා බොහෝ දේ අහිමි වු පසු එකිනෙකාට චෝදනා කරගෙන ඵලක් නැහැ. දැන්වත් රටක් ලෙස හිතමු යැයි යුද සමයේ මෙරට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කපිල හෙන්දාවිතාරණ පැවැසීය.

රට වැටි ඇති තත්ත්වය හමුවේ බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් රජයෙන් කිසියම් ආරාධනාවක් ලැබී ඇත්දැයි ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසුමකට පිළිතුරු දෙමින් මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා මේ බව සදහන් කළේය.

දැන් ඉතිං ආරාධනා ලැබිලා මොකටද ? බොහෝ දේ සිදුවී අවසන්. මේ වෙලාවේ එකිනෙකාට චෝදනා නගලා වැඩක් නැහැ. රටක් ලෙස ජනතාව එකට එක්ව කටයුතු කිරීමයි අවශ්‍ය වන්නේ. යැයි මේජර් ජෙනරාල් ( විශ්‍රාමික) කපිල හෙන්දාවිතාරණ මහතා පැවැසීය.