අයවැයට ඡන්දේ දුන් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීගේ තනතුරු ඉවතට

Picture of Roshan

Roshan

දම්පත් රණසිංහ

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුෆික් මහතා පක්ෂයේ ඔහු දැරූ තනතුරුවලින් ඉවත්කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේද සාමාජිකයෙක් වන ඔහු ඒ අනුව එම සාමාජික ධූරයෙන්ද ඉවත්කර ඇත.

පසුගියදා පැවති 2022 අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම නිසා මෙම පියවර ගෙන ඇත.