ඔමික්‍රෝන් නිසා නත්තල් නිවාඩුවත් අහිමිවේවිද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව පුරා ව්‍යාප්ත වන ඔමික්‍රෝන් ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු ඇගවීමක් සිදු කර ඇත .

ඔවුන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ එළඹෙන ඇතැම් නිවාඩු සැලසුම් අවලංගු කරන ලෙසය.

ඒ, ඔමික්‍රෝන් ප්‍රභේදය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන බැවින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ අරමුණින්ය

අවලංගු කළ හැකි සිදුවීමක් අවලංගු කිරීම ජීවිතයට වඩා යෝග්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් පවසා ඇත එය දුෂ්කර තීරණක් වුවත් මේ මොහොතේ ගත හැකි හොඳම තීරණය එය වනු ඇති බවද ඔහු සඳහන් කර ඇත

ඇතැම් සැමරුම් අවලංගු කිරීම වඩා යෝග්‍ය බවත්, එසේ නොමැකති නම් ඒවා ප්‍රමාද කිරීම හෝ සිදුකළ යුතු බව ලා්ක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත . එහි ප්‍රධානියා පවසන්නේ ඔමික්‍රොන්, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සැලකිය යුතු වේගයෙන් ව්‍යාප්ත වන බවට මේ වන විට සාක්ෂි ලැබී ඇති බවය

මේ වන විටත් ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු රටවල් රැසක් එළඹෙන උත්සව සමයේදී කොවිඩ් සීමාවන් දැඩි කර සංචාරක සීමා පනවා ඇති අතර නෙදර්ලන්තය නත්තල් කාලය තුළ දැඩි අගුලු දැමීමක් හඳුන්වා දී තිබෙ. කෙසේවෙතත් අමෙරිකාව පැවසුවේ රට අගුලු දැමීම පිලිබඳ සැලසුම් නොකරන බවය.