අස්වැන්නේ ලොකු අඩුවක් නැහැ – කුඹුරුවලින් 95%ක්ම වගා කරලා!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මහ කන්නයේ වගා කළයුතු කුඹුරු ප්‍රමාණයෙන් සමස්තයක් ලෙස සියයට 90 ත් 95 ත් අතර ප්‍රමාණයක් වගා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි . ඒ අනුව  ඉකුත් මහ කන්නයට සමගාමීව මෙවර සියයට 70 ත් 75 ත් අතර අස්වැන්නක් ලබාගත හැකි බවද අමාත්‍යාංශය සඳහන් කරයි . කොළඹ අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඉදිරිපත් වූ කරුණු හා දත්ත මත මෙම  කෘෂිකර්ම අමාත්‍යාංශය මේ බව  සදහන් කර ඇත .

එම රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන්, ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරු, දිස්ත්‍රික් පොහොර අධ්‍යක්‍ෂකවරු සහ පළාත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරු ඇතුළු පිරිසක් එක්ව තිබෙ.

මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය, ඉන් අපේක්‍ෂිත අස්වැන්න, පොහොර බෙදාහැරීම හා ගොවීන් පොහොර භාවිතය පිළිබද තොරතුරු එහිදී දිස්ත්‍රික් මට්ටමින් ඉදිරිපත් කෙරුණු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ. ලබන කන්නයේ සිට වී වගාව සදහා පොහොර සම්පූර්ණ පැකේජයක් ලබාදීම කටයුතු කරන බවත් ඒ අනුව ලැබෙන අස්වැන්නට පොහොර නිෂ්පාදකයින් වගකීමෙන් බැදී සිටිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී ප්‍රකාශ කර ඇත