ඔමික්‍රෝන් ආසාධිතයින් රෝහල් ගතවීම අඩුයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාදිතයින් රෝහල් ගතවීමේ සම්භාවිතාව මීට පෙර පැවති ප්‍රභේද ආසාදිතයින්ට සාපේක්‍ෂව සියයට 50 ත් 70 ත් අතර ප්‍රතිශතයකින් අඩු බව නවතම පරීක්‍ෂණයකින් හෙළිවී ඇත

කෙසේවෙතත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ප්‍රබලත්වය සම්බන්ධයෙන් පුරෝකථන කිරීමට තවත් කල් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

මේ අතර බූස්ටර් මාත්‍රාව ලබාදීම සති 10කට පසු ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්‍ෂාවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .. කෙසේවෙතත් දරුණු රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් තවදුරටත් ආරක්‍ෂාවීම අත්‍යවශ්‍ය බවද  වෛද්‍ය විශේෂඥයින් පවසයි