ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව, ආසියාවේ 06 වන තැනට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 tradingeconomics වෙබ් අඩවිය සිදුකල නවතම  ශ්‍රේණිගත කිරීමකට අනුව , ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 16 වැනි ස්ථානයට පත්ව ඇත.

අදාල ශ්‍රේණිගත කිරීම අනුව ආසියාව තුළ ශ්‍රී ලංකාව  සිටින්නේ 06 වැනි ස්ථානයේය. ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාවට වඩා ආහාර උද්ධමනය ඉහළ රටවල් වන්නේ ලෙබනනය, ඉරානය, සිරියාව, කිර්ගිස්ථානය, මොංගෝලියාව යන රටවල් පමණි.

පසුගිය මාසයේදී මෙරටින් වාර්තා වූ 9.9% උද්ධමනය අගය සලකා මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ. කෙසේ නමුත් මේ වනවිට මෙරට උද්ධමනය 11.1% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව tradingeconomics ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ ස්ථානය තවදුරටත් ඉහළ යනු ඇත.

ඇෆ්ගනිස්ථානය, නයිජීරියාව, හයිටිය, සෝමාලියාව වැනි රටවල පවාා ශ්‍රී ලංකාවට වඩා අඩු උද්ධමනයක් වාර්තා වන බවයි මෙම ශ්‍රේණිගත කිරීම් පැහැදිලි කරන්නේ.

 සම්පූර්ණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව මෙතනින්