ඇෆ්ගනිස්තානය ලෝකයටම තර්ජනයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇෆ්ගනිස්තානය පදනම් කරගත නව ත්‍රස්තවාදයක් පිළිබද චීනය ලෝකයට අනතුරු අඟවා ඇත

චීනයේ සහකාර විදේශ අමාත්‍ය වූ ජින්ග්හාඕ මෙම අනතුරැ ඇගවීම සිදුකළේ ත්‍රස්තවාදය මැඩලීම පිළිබද සමුළුවකට එක්වෙමින්ය .

ඇෆ්ගනිස්තානය පදනම් කරගෙන අයිඑස්අයිඑස් ,අල්කයිඩා, සහ තවත් අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි ගණනාවක් ප්‍රතිසංවිධානය වෙමින් ඇතැයි ඔහු එහිදී අනාවරණය කර ඇත

මෙම නව ත්‍රස්තවාදී මුහුණුවර හුදු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඔබ්බට ගොස් සයිබර් ප්‍රහාර වැනි තාක්ෂණික ප්‍රවේශයන් ඔස්සේ ද ක්‍රියාත්මක වීමේ අවදානමක් ඇති බවය ඔහු එහිදී සදහන් කළේය .

මෙම තත්වය පාලනය කිරීම එක් රටකට පමණක් කළ හැක්කක් නොවන බව ද ඔහු එහිදී කියා සිටියේය .

නව ත්‍රස්ත තර්ජනය මැඩලීම සදහා ලෝක මට්ටමේ සහයෝගීතාවක් අත්‍යවශ්‍ය බවයි චීනයේ සහකාර විදේශ අමාත්‍ය වූ ජින්ග්හාඕ වැඩිදුරටත් අවධාරණය කළේ.