රටේ ආර්ථික අර්බුදය තවත් වසර එකහමාරක් පමණ පවතීවි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ ආර්ථික අර්බුදය  තවත් වසර එකහමාරක් පමණ පවතිනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි .

භාණ්ඩ හා සේවාවල බරපතළ හිඟයක් ඉදිරි දිනවල ඇති වනු ඇතැයිද ඔහු අනතුරු අඟවා සිටී .

කෘෂිකර්මාන්තයට අදාළව ගත් වැරදි තීරණ හේතුවෙන් දේශීය ආහාර නිෂ්පාදන සැපයුම විශාල ලෙස කඩා වැටී ඇතැයි පැවසූ දුනුසිංහ මහතා පවතින ඩොලර් හිඟය හමුවේ විදේශයෙන් ආහාර ආනයනය කිරීමද ඉදිරියේ දී බරපතළ ලෙස සීමා වනු ඇතැයිද මාධ්‍ය වෙත  පැවසුවේය.

විශේෂයෙන්ම පාරිභෝගික භාණ්ඩ වල උග්‍ර හිඟයක් ඉදිරියේදී ඇති වනු ඇතැයිද ආචාර්යවරයා පෙන්වා දුන්නේය.