දෛනික කොවිඩ් ආසාධිතයින්ගේ අඩුවක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී ..

පසුගිය දෙසැම්බර් 23 වන දින සිට ගතවූ දින 03 ක කාලය තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම 500 යේ සීමාවේ රැදී සිටීම විශේෂත්වයක් වන බවද එම අංශ සඳහන් කරයි .

මීට පෙර පසුගිය මාස කිහිපය තුළ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 600 සහ 700 සීමාවල පැවතුණි.

ඊයේ (25) දිනයේත් කොවිඩ් -19 ආසාදිතයින් 529 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 583,251 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 278 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 559,128 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර පෙරේදා (24) දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 19ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,871 ක් වන අතර ආසාදිතයින් 9,252 කු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.