ලෝක ඉතිහාසයේ “හොඳම” ඩයිනසෝර් කළලය හමුවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

මුළුමනින්ම සංරක්ෂණය වී ඇති අති දුර්ලභ  ඩයිනෝසෝර කළලයක් චීනයේ විද්‍යාඥයින්  පිරිසක් , එරට ගැන්ශු ප්‍රදේශයෙන් සොයාගෙන ඇත .

. මෙම ඩයිනෝසර කළලය, කුකුළු පැටවෙකු මෙන් බිත්තරයෙන් පිටතට පැමිණීමට සූදානමින් ඇති බවත් මෙම කළලය අවම වශයෙන් වසර මිලියන 66ක්වත් පැරණි බවත් එම විද්‍යාඥයින් පවසයි .

එය දත් රහිත තෙරොපොඩ් ඩයිනොසෝරයෙකුගේ හෝ ඕවිරැප්ටොරෝසෝරසයෙකුගේ කළලයක්යැ යි විශ්වාස කෙරෙන අතර, එය නම් කර ඇත්තේ ‘බේබි යින්ලියැන්’ ලෙස ය.

මෙම සොයාගැනීමට මූලිකත්වය ලබාදුන්  ආචාර්ය ෆියෝන් වයිසම් මා , පවසන්නේ මෙය, “ඉතිහාසයේ මෙතෙක් හමුවූ හොඳම ඩයිනෝසෝර කළලය” බව යි.

මෙම සොයාගැනීම, ඩයිනෝසෝරයන් සහ නූතන පක්ෂීන් අතර ඇති සම්බන්ධය පිළිබඳව පර්යේෂකයන්ට වැඩි අවබෝධයක් ලබාදෙන බවද ඔහු සඳහන් කර සිටී .

ෆොසිලයෙන් පෙන්නුම් කරන කළලය ‘ගුලි ගැහුණු’ ස්වරූපයකින් තිබෙන අතර , මෙයින් පෙන්නුම් කරන්නේ නූතන පක්ෂීන්ගේ එවැනි හැසිරීම් ඔවුන්ගේ මුතුන්මිත්තන් වූ ඩයිනොසෝරයන්ගෙන් පැවත එන බවයැයිද   ආචාර්ය ‘මා’ , ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත .

The fossilised egg discovered by researchers

පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ පාෂාණීය ධාතු විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් බෲසැට් ට්විටර් පණිවුඩයක් හරහා පවසා තිබුණේ, මෙය එතෙක් ඔහු විසින් දැක ඇති “අතිවිශිෂ්ටම ඩයිනෝසෝර පොසිලවලින් එකක්” බව යි. එමෙන්ම, මෙම කළලය බිහිවීමට ඉතා ආසන්නයේ පසුවූවක් බවත් ඔහු පවසා තිබුණි.

ළදරු යින්ලියැන්ගේ හිසේ සිට වලිගය දක්වා දිග අඟල් සෙන්ටිමීටර 27ක් පමණ වේ. එය චීනයේ යින්ලියැන් පාෂාණ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ඇති සෙන්ටිමීටර 17ක් පමණ දිගු බිත්තරයක් තුළ රැඳී සිටියි..

ඩයිනොසෝරයාගේ සිරුරේ කොටසක් තවමත් පාෂාණවලින් වැසී ඇති අතර, එහි සම්පූර්ණ ඇටසැකිල්ලේ රූපයක් ප්‍රතිනිර්මාණය කිරීමට පර්යේෂකයන් අධිතාක්ෂණික ස්කෑන් කිරීම් සිදුකරනු ඇත.