සිව්වන එන්නත් මාත්‍රාවත් ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්දන එන්නත ලබාගත් මෙරට පුද්ගලයින්ගේ දත්ත සමාලෝචනය කිරීමෙන් පසු අවශ්‍යවුවහොත් සිව්වන මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි .

. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්වෙ මහතා මාධ්‍ය වෙත  පැවසුවේ ලැබෙන දත්ත අනුව ඉදිරි පියවර ගන්නා බවයි.

එන්නත්කරණ කටයුතු පිළිබඳ ඉදිරි තීරණ ගනු ලබන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා බවද  මෙහිදී හේරත් මහතා පැවසීය .