හිටපු ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට සිතාසි

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ලබන 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද සිතාසි නිකුත් කළේය.

පාස්කු ඉරිදා දින කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් තම දරුවන් දෙදෙනා මිය ගිය බව සදහන් කරමින් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සමන් නන්දන සිරිසේන නැමැති අය ගොනුකර තිබූ පෙත්සමක් ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් හමුවේ කැදවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරිණ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා කල්තියා දැනසිටි බැවින් ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නිසි පියවර ග්නනා ලෙසට නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර තිබුණි.