ලංකා IS ජාලයේ තොරතුරු නුවරඑළියෙ ලැප්ටොප් පරිගණකයක

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ/රමේෂ් වරල්ලෙගම

නුවරඑළිය රොක්වුඩ් ප්‍රදේශයේ නිවසක් ආශ්‍රිතව ජාතික තව්හිද් ජමාත් සංවිධානය පවත්වාගෙන ගිය පුහුණු කදවුරේ තිබි සොයාගත් ලැප්ටොප් පරිගණකයක මෙරට අයි.එස්.අයි.එස් ජාලයට සම්බන්ධ පුද්ගලයන් රැසකගේ තොරතුරු හමුවී ඇත.

මෙසේ සොයාගත දත්ත ගබඩාව අදාල ලැප්ටොප් පරිගණකයේ වෙනමම මුර පදයක් සහිතව ආරක්ෂිතව සගවා තිබි ඇති අතර පොලිස් විමර්ශන කණ්ඩායම් ඊට අදාල මුර පදය සොයාගෙන මෙම දත්ත සොයාගෙන තිබේ.

ඒ අනුව අදාල දත්තවලට අනුව බිබිල ප්‍රදේශයේ දිවා සුරකම් මධ්‍යස්ථානයක් පවත්වාගෙනගිය මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කල්මුනේ පදිංචිකරුවකුවන මොහු බිබිල ප්‍රදේශයට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරතවන මුවාවෙන් අයි.එස්.අයි.එස් ක්‍රියාකාරකම් සම්බන්ධව කටයුතු කරමින් සිට තිබේ.
අදාල සැකකරු අයි.එස්.අයි.එස් සිරියාවේ කණ්ඩායම සමග සෘජුවම සමාජ ජාල හා අන්තර්ජාල ඇමැතුම් ඔස්සේ සම්බන්ධ වී ඇති බව පොලිස් මුලික විමර්ශනවලදී සොයාගෙන තිබේ.