සියලුම දේශනා පටිගත කරන්න – මුස්ලිම් පල්ලිවලට දැනුම් දෙයි

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

මුස්ලිම් දේවස්ථානවලදී සිදුකරන සියලු ශ්‍රව්‍ය දේශන පටිගත කර තම අමාත්‍යාංශය වෙත යොමුකළ යුතු බව මුස්ලිම් ආගමික කටයුතු අමාතයාංශයට සියලුම මුස්ලිම් දේවස්ථාන භාරකරුවන් වෙත දැනුම් දීමක් කර තිබේ.

පොලීසිය හා ආරක්ෂක හමුදා විසින් ආරක්ෂාව සදහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට පූර්ණ සහයෝගය දක්වන ලෙස ද මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්.එච්.ඒ. හලීම් හලීම් මහතා මුස්ලිම් දේවස්ථාන භාරකරුව්න වෙත දැනුම් දී ඇත.

වෛරය හෝ අන්තවාදය ප්‍රවර්ධනය හා ප්‍රවාරණය සදහා ඉඩ ලබාදෙන මුස්ලිම් දේවස්ථාන භාරකරුවන් ඊට මුළුමනින්ම වගකිව යුතු බවත් නීතියට යටත් බවත් මුස්ලිම් ආගමික කටයුතු ඇමැතිගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.