විපක්ෂ නායක සහ ‌නෙදර්ලන්ත තානාපති අතර හමුවක්

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

නෙදර්ලන්ත සංචාරකයින් ශ්‍රී ලංකාවට ඒ්ම සදහා ‌මෙරට ආරක්ෂක තත්වය යළි යථාතත්වයට පත්විය යුතු බව ‌මෙරට ‌නෙදර්ලන්ත තානාපතිනි ‌ජෝන් ‌ඩෝන්වෝර්ඩ් අද ප්‍රකාශ කළාය.

නෙදර්ලන්ත තානාපතිනිය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර නිල හමුවක් විජේරාම නිල නිවසේදී අද පැවැති අතර ඒහිදී තානාපතිනිය එලෙස ප්‍රකාශ කළාය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ‌හේතුවෙන් ‌නෙදර්ලන්ත ජාතිකයකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඒ් පිළිබද තම කනගාටුව පළකරන බව මහින්ද රාජපක්ෂ මහතා තානාපතිනිය ‌වෙත පැවැසීය.

අදාළ ප්‍රහාරය ගැන තානාපතිනිය ‌නෙදර්ලන්ත රජයේ සහ ඒරට ජනතාවගේ කනගාටුව විපක්ෂනායකවායර ‌වෙත ද පළකළේය.

මෙම අවස්ථාාාාව ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.ඒල්. පීරිස් ‌කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් ද සහභාගි වී සිටියහ.