හලාවත ඇඳිරි නීතිය දැමූ කලබලයට හේතුව FB පෝස්ටුවක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

හලාවත ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය යෙදවීමට හේතු වූ ගැටුම හටගෙන ඇත්තේ ෆේස්බුක් වෙත් මුදාහරින ලද පෝස්ටුවක් (post) බව වාර්තා වේ.

ජනතාව ප්‍රකෝප කරවන ආකරයෙන් තරුණයකු විසින් පළ කරන ලද එම පෝස්ටුව අනතුරු ඇඟවීමක් ද සහිතය.

මේ හේතුවෙන් හලාවත නගරයේ දෙපිරිසක් අතර ගැටුම හටගෙන ඇති අතර පෝස්ටුව මුදාහැරි තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

දැඩි නොසන්සුන්තාවක එහි හටගත් අතර දේපළ හානිද සිදු වී ඇතත් මේ වනවිට පොලීසිය හා යුද හමුදාව එය විශාල ගැටුමක් බවට පත්වීමට ඉඩ නොදී පාලනය කර ඇත.