ඉන්දියාවේ ඉහළම සරසවිවල ඉගෙනීමට මෙරට සිසුන්ට වරම්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ ඉහළම පෙලේ විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මෙරට සිසුන්ටද අවස්තාව ලබාදීමට ඉන්දීය රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.

ස්වයං මුල්‍යකරණ වැඩසටහන නම් එය යටතේ 2019-20 අධ්‍යයන වර්ෂය සඳහා වෛද්‍ය උපාධිය (MBBS), දන්ත වෛද්‍ය උපාධිය (BDS), අධ්‍යාපනවේදී උපාධිය (BE), තාක්‍ෂණවේදී උපාධිය (B.Tech), ඖෂධවේදී උපාධිය (B.Pharm) සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිය (B. Arch) යන උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වෙන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික සිසුන්ගෙන් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයමේ වනවිට අයදුම්පත් කැඳවා ඇත.

මෙහිදී වෛද්‍ය උපාධිය/දන්ත වෛද්‍ය උපාධිය යන උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් 2019 මැයි මාසයේ දී, නව දිල්ලියේ පිහිටි ද්විතියික අධ්‍යාපන මහ මණ්ඩලය විසින් පවත්වනු ලබන NEET පරීක්ෂණයෙන් අවම වශයෙන් ලකුණු 50 ක් ලබාගත යුතු වන අතර . ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධි පාඨමාලා (B. Arch) අපේක්ෂකයින් නව දිල්ලියේ ගෘහනිර්මාණ කවුන්සිලය මගින් පවත්වනු ලබන යෝග්‍යතා පරීක්ෂණය සමත් විය යුතුවේ..

අයදුම් පත්, කොළඹ 03 පිහිටි ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශයෙන් ඕනෑම වැඩ කරන දිනයක පස්වරු 2.00 – 4.00 අතර කාලය තුළ ලබා ගත හැකිය. අයදුම්පත් ලබා ගැනීමේදී අයදුම්කරුවන් විසින් සිය උප්පැන්න සහතිකය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සහතික (බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද) හෝ ලන්ඩන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සහතික ඉදිරිපත් කල යුතුය.ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය විසින් සම්පුර්ණ කරන ලද අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2019 ජුනි 10 වේ.