“හෙට (13) දවසට බයවෙන්නඑපා” – පොලීසිය

Picture of අසංක

අසංක

හෙට (13) දිනය පිළිබඳ තහවුරු නොවූ පුවතක් ජනතාව අතරට ගොස් ඇති නමුත් ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් අනවශ්‍ය ලෙස බිය නොවන්නැයි පොලීසිය නිවේදනය කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ කිසිදු තොරතුරක් බැහැර නොකරන නමුත් එලෙස ප්‍රචලිතව ඇත්තේ බුද්ධි අංශ හෝ පොලීසියට තහවුරු නොවූ තොරතුරක් බවයි.

හෙට දිනය පිළිබඳ බිය නොවී සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සලසා ඇතැයි හෙතෙම අවධාරණය කළේය.