රත්මලානේ ගුවන් පුහුණුවීම් අත්හිටුවයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

රත්මලාන ගුවන් හමුදා කඳවුර ආසන්නයේ සිදුකෙරෙන සියලුම අකාරයේ ගුවන් ගමන් පුහුණුවීම් තාවකාලිකව අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු යොදා ඇත.

ඒ අනුව එම ගුවන් කලාපය තුල කිසිදු පුහුණුවීමක් සිදු නොකරන ලෙස දන්වමින් පුද්ගලික ගුවන් යානා මෙහෙයුම්කරුවන්ට , හා ගුවන් සේවා පුහුණු පාසල් වෙත , සිවිල් ගුවන් සේවා අධිකාරිය ලිපියක් යොමු කර ඇත.

රටේ පවතින ආරක්‍ෂක තත්වය සැලකිල්ලට ගෙන අධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවද වාර්තාවේ.

මේ අතර රත්මලාන, සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ තිබී අත්බෝම්බ දෙකක් ඇතුළු භාණ්ඩ තොගයක් ඊයේ රාත්‍රියේ පොලිස් භාරයට ගැනිණ.

පොලීසිය සහ ගුවන් හමුදාව රත්මලාන ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම භාණ්ඩ සොයා ගෙන ඇත්තේ රත්මලාන සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ක්‍රිඩාංගණයක් අසල තිබීයදීයි.