තණමල්විලෙන් ස්නයිපර් – ආයුධ තොගයක් – හිමිකරු අත්අඩංගුවට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

තණමල්විල කුඩාඔය ප්‍රදේශයේ අක්කර 10ක ඉඩමක ස්නයිපර් හා අවි ආයුධ තොගයක් සැඟවූ ඉඩමේ හිමිකරු කොහුවල දී අද අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඉඩමේ මුරකරු ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය කළ වැටලීමේදී ඊයේ මෙලෙස වළදැමූ ආයුධ සොයාගෙන ඇත.

ඉඩමේ තිබී ස්නයිපර් 2ක් ඇතුළු ගිනි අවි 8ක්, පතොරම් 4000කට වැඩි ප්‍රමාණයක් හා දුම් ‌‌බෝම්බ ඇතුළු යුද හමුදා උපකරණ ‌‌තොගයක් ‌මෙහිදී හමුවී තිබේ.

ඉඩමේ හිමිකරු කොහුවල පදිංචි මොහොමඩ් අබ්දුල් නැමැති අයෙකි.

ඔහුගෙන් මේවනවිට රඳවා ප්‍රශ්න කෙරේ.

සැකකරු අමෙරිකා-ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය සහිත අයෙකි.